සිරිලක පිරි අවුරුදු සිරි

Sirilaka Piri Awurudu Siri

🎤 Various ArtistsSinhala lyrics

Lyrics

මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි රට වැසියන්ගේ ආයු වැඩෙන්නයි රට පුරාම අවුරුදු සිරි මේන් බලන් රඑරබදු මල් බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිනෙන හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ ගමේ පැටව් ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසී අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිඒ තාච්චියේ හැඩට නටන කොන්ඩ කැවුම් රහ බලන්න වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ අටු කොටු සරු වෙන්ටයි දොම්නස් දුරු වෙන්නයි පහුගිය දොහේ අබර දබර දුරු වෙලාම යන්නටයි සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැගෙනා වාරම් මැද්දේ ආන් බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ රැක නැකතේ වැඩ ඇල්ලේ මුලු ගමේම හරි සද්දේ නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ

Song Details

Sinhala Title
සිරිලක පිරි අවුරුදු සිරි
English Title
Sirilaka Piri Awurudu Siri
VA

Artist

Various Artists

View all songs →