අල්ලාගෙන පෙරදා දෑත

allagena perada detha

Lyrics

අල්ලාගෙන පෙරදා දෑත ළං කරලා ඔය සුදු මුහුණ හුරතල් තොල් කනපිට පෑව ආදරණීයයි ඒ දවස ඔය හිත තේරුම් ගත්තට මට පිං දුන්නෙ කව්දෝ එදා.. ඇහෙනවනම් මගෙ සුදු මැණික ඉස්සර වාගෙම අමතන්න. හිමි නොවුනට දුක නෑ මැණික ඔබේ සතුට ගැන පවසන්න.. රිදුනේ නෑ මට හදුනාගත්තා මිනිසුන් කවුදැයි කියා තරහක් නෑ අද සමාව දෙන්නම් මගෙ පරම පෙම ඔබ නිසා හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොද නිසා ඇහෙනවනම් මගෙ සුදු මැණික ඉස්සර වාගෙම අමතන්න හිමි නොවුනට දුක නෑ මැණික ඔබේ සතුට ගැන පවසන්න වැටුනේ නෑ හිත වටහාගත්තා පාඩමක් ඔබ නිසා පලිගත්තේ නෑ රිදවන්නෙත් නෑ මං පිරිමියෙක් වූ නිසා හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොද නිසා අල්ලාගෙන පෙරදා දෑත.......

Song Details

Sinhala Title
අල්ලාගෙන පෙරදා දෑත
English Title
allagena perada detha
නර

Artist

නලින්ද රණසිංහ

View all songs →

අල්ලාගෙන පෙරදා දෑත (allagena perada detha) | Tediya Lyrics