Lyrics
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්......//
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා....//
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා....
ඇසුවේද කවුරුන් හෝ....
පිපි මල් මතින් පියමන් කළෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්....//
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්....
ඇසුවේද කවුරුන් හෝ......
Song Details
- Sinhala Title
- ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
- English Title
- asuweda kawurun ho
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →