Lyrics
සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත්පතක ලියවුනු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි....//
මුර කුටියේ කවුලුව ළඟට....
පායන සද ඇවිත් යන....වද....
බිය මුසු වුණු සිතුවිලි ළගට....
ආදර ගග ගලන්නෙ නෑ අද....
සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත්පතක ලියවුනු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි
වරින් වර ඔබෙන් ලිපි ලැබුණා
රත්තරන් වදන් එහි තිබුණා
සැගවෙන්නට සිතට බැරි වුණා
ඔබේම වෙන්නට මට සිතුණා
සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත්පතක ලියවුනු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි......//
Song Details
- Sinhala Title
- සපත්තු මල ලා රතු පාටයි
- English Title
- sapaththu mala
- Artist
- සුභානි හර්ෂණී
සහ
Artist
සුභානි හර්ෂණී
View all songs →