මට මෑණි වගේ මට පියා වගේ

mata meni wage

Lyrics

මට මෑණි වගේ මට පියා වගේ මට ආදර මගෙ ලංකා ආගමද මගේ - ජාතියද මගේ මට ඉහළයි සිරි ලංකා මට මෑණි වගේ ............... දරු දැරියෝ - අපි සොහොයුරියෝ අපි සොහොයුරෝ - එක මව් සෙවණේ ලංකා අපි වැඩිහිටියෝ - සැම එකමුතුවී මැව් මව් රට සිරි ලංකා මට මෑණි වගේ ............. අපි දරු දැරියෝ - මුළු ඉතිහාසේ ලොව දිනුවා සේ - ජය ජය දී සිරි ලංකා අපි පොඩි දරුවෝ - දින දින බැබළී මතු රජ වෙන සිරි ලංකා මට මෑණි වගේ ..............

Song Details

Sinhala Title
මට මෑණි වගේ මට පියා වගේ
English Title
mata meni wage
මප

Artist

මනෝජ් ප්‍රනාන්දු

View all songs →