දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ

dan dun pasu

Lyrics

දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව් බිමට තවත් දෙයක් නෑ තිබුණෙ  ඉතිරිව අප ළග ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසක සෙවණ උනෙ සොදුරු පියස රණවිරු සෙවණ // නොපෙනුනාට අපට ඇසෙයි දුම්රිය යන හඩ නෑසුනාට ඇගට දැනෙයි බිම දෙදරන බව කිහිලි කරුව ආදාරෙන් නැගි සිටින විට ඈත පෙනෙයි දුම්රිය පළ නගරය රාගම දන් දුන් පසු .......... ආබාධිත උනත් සොයුර නෑ තැවෙන්නෙ තව මහ පොලවට බරක් උනෙ නෑ කිසිදවසක යුද බිය නැති රටක සිරිය බලන්න නැති එක තමයි අපට පොඩ්ඩක් හරි හිතට තියෙන දුක දන් දුන් පසු ......

Song Details

Sinhala Title
දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ
English Title
dan dun pasu
දඅ

Artist

දමිත් අසංක

View all songs →