Lyrics
තාලෙට අඩිය තියාලා
තොල කොනෙන් හපාලා
වඩින දෙවුලියෙ කවුද නුඹ
මා දෙස හොරෙන් බලාලා
ඇස් වටේ නළෝලා
හිතම හෙල්ලුව කවුද නුඹ
හැඩ උකුළේ වදින තෙතට ගෙතුව කොණ්ඩේ අගේ
නුඹ මටම කැපෙන බව මෙ හිතට දැණුනා නගේ
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා//
හෝ හෝ රූප සුන්දරී
හිතවත් වෙන්න ආශාවී
හඳුනා ගන්නට ලේසී
අද අපි දෙන්නා ගැළපිලී
රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා//
හෝ හෝ මාගෙ පෙම්වතී
හැඩවත් රෝස තොල්පෙතී
සිප ගත් මල් කරත්තෙ හී
යමු අපි බන්දා අතැඟිලී
රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා//
Song Details
- Sinhala Title
- ඉතින් කෝ කියන්න කෝ
- English Title
- ithin ko kiyannako - thaleta adiya thiyala
- Artist
- Suresh Dishan
SD
Artist
Suresh Dishan
View all songs →