Lyrics
මං තව දුර තනියම යන්නම්
හද්දින්නත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සද බලන්න පුළුවන් නම්
ඇවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අදුනන තනිකම
මගේමයි කියන්නම්
සදත් එක්ක පායන ඉරමල
නෙතින් හමු වෙතැයි සිතන්
හිතත් අරන් දියඹට ගිය ගඟ
කොහේ හැංඟුවේ කියන්
මතක් වෙන්න අමතක වෙන්නැති
හිතත් මගේ වෙලා නම්
තවත් යන්නෙ කොහොමද
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යළිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්
Song Details
- Sinhala Title
- මං තව දුර තනියම යන්නම්
- English Title
- man thawa dura thaniyama
පස
Artist
පූර්ණ සචින්තක / ආශා එදිරිසිංහ
View all songs →