Lyrics
පිට රට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නට හිතලා ඔහෙලා
ගමේ තියෙන ඉඩම් ගෙවල් උකස් තියාලා
යන්න හදනවා පිට රට නිල්ල සොයාලා
සිලිං පවුම් ඩොලර් යුරෝ වලට රැවටිලා
දිවි දෙනවනෙ කන්ටේනර් ඇතුලට වීලා
බෝට්ටු වල මුහුද මැද්දෙ මරුවා සමග පොර
කදු පල්ලම් කැලෑ මැදින් ගමන බයන්කර
වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මග මැරුනම වග කියන්නෙ කව්ද කියන් සද
පිටරට විස්තර මෙව්වා....
ගෙදර ටවුමෙ හන්දි ගානෙ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
හිතල බලල එන්න ඇත්ත කිව්වා හනිකට
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
ආවොත් දැනගන්න ලැබෙයි විදිනා මර දුක
විදුමට හැර විපාකයට යන්න එපා රට
රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලා වට
පිට රට විස්තර මෙව්වා....
Song Details
- Sinhala Title
- පිට රට විස්තර මෙව්වා
- English Title
- pitarata wisthara mewwa
- Artist
- ජය ශ්‍රී
ජශ
Artist
ජය ශ්‍රී
View all songs →