Lyrics
නටඹුන් වෙලා කඩන් වැටුනු
අපේ ආදරේ මතක පිලිරූ
නැවතත් ගොඩනැගෙයිද කියලා
අපි කාලයට භාර කරමු
මේ භවයෙදි එකට අතැගිලි බැදී
ඔබේ වෙන්න පින් මදි උනොත් මට යලි
අන්තිම මොහොතේදී මගේ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇති
දෙනෝ දහක් හිටියත් ලෝකේ
ඔබේ දෑත පමනයි ඕනේ
සැපේ නොවෙයි දුකේදී මාගේ අසලින් සිටි නිසා
ගෙවී ගියත් දින සති ගානේ
හදාගන්න බෑ හිත මාගේ ගෙවූ කාලේ
සත්තයී මට හීනයක් වාගේ ඔබ හා
මේ භවයෙදි ..............
පිටාරේ යන ගගුලක් වාගේ දෝරේ ගලන ආදරේ මගේ
වෙනස් නොවී තාමත් පෙර වාගේ ලගින් තියෙනවා
කොහේ කොතැන හිටියත් පොලවේ
යලිත් වතාවක් මට ඔබගේ
සෙනෙහේ ලැබුනොතින් මම සිල්පද පහම රැකගන්නවා
මේ භවයෙදි........
නටඹුන් වෙලා......
Song Details
- Sinhala Title
- නටඹුන් වෙලා කඩන් වැටුනු
- English Title
- natabun wela kadan
- Artist
- නිලාන් හෙට්ටිආරච්චි
නහ
Artist
නිලාන් හෙට්ටිආරච්චි
View all songs →