හිතුවක්කාරී නුඹ නම් සොඳුර

hithuwakkari nubanam

Lyrics

හිතුවක්කාරී නුඹ නම් සොඳුර... අනෙ හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ...// බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර මෝසම් සුළඟක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර...// තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර හිතුවක්කාරී නුඹ නම් සොඳුර... සරුංගලේ ලස්සන දිස් වන්නේ උඩු ගුවනේ විතරයි නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි...// ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැනිය ගිනිකෙළියයි හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැනකෙළියයි හිතුවක්කාරී නුඹ නම් සොඳුර... හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන...////

Song Details

Sinhala Title
හිතුවක්කාරී නුඹ නම් සොඳුර
English Title
hithuwakkari nubanam
අස

Artist

අතුල සිල්වා

View all songs →

හිතුවක්කාරී නුඹ නම් සොඳුර (hithuwakkari nubanam) | Tediya Lyrics