Lyrics
ඔබෙ සැප මගේ සතුටයි //
මුතු බිහි කරලා අනුනට බෙදනා
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
ඔබෙ සැප මගේ සතුටයි
කොහිද අප සෙවූ සුව සහනේ
එළිය නිවුනි දැල්වුනු පහනේ...//
අදුරේ නැති වූ ඉදිකටුවක් සේ
රිදී ඉරක් නැග නැතිව ගියා
ඔබෙ සැප මගේ සතුටයි
සත්සර නිහඩය වීණාවේ
තත්පෙළ ඉකිබිඳ තැවුනාවේ...//
මා ගැයු ගීතේ අද මට නෑසේ
ඔබේ කණට එය ඇසුනාවේ
Song Details
- Sinhala Title
- ඔබෙ සැප මගෙ සතුටයි
- English Title
- obe sepa mage sathutai
- Artist
- එච්. ආර්. ජෝතිපාල
එආ
Artist
එච්. ආර්. ජෝතිපාල
View all songs →