පුත නුඹව හරහට වඩාගෙන

putha nubawa harahata

Lyrics

පුත නුඹව හරහට වඩාගෙන සිගිති සුරතල් බලන්නට පෙර මවු කුසේ නුඹ චන්ඩිකම් කල කාලේ බඩවතට සවනත තියා... නුඹේ පා පොඩි සැලෙන හඩ ඇසු වෙලේ දරා ගනු බැරි ප්‍රේමයෙන්, උපන්නේ ස්නේහ වර්ශා මහා පොළොව හුරතල් කරන්නට සතුන්ටත් නෑකම් කියන්නට උපන් දා සිට මට කියා දුන් අම්මේ ඔබ පිසූ බත් ඇට ගනින්නට බැරිව පැරදුණු දවසේ දරා ගනු බැරි ප්‍රේමයෙන්, උපන්නේ ස්නේහ වර්ශා වේදනා කදු ඇතත් හිස මත පහන් දැල්ලෙන් දවා කරගැට කරටගෙන මා එළිය පෙන්වූ තාත්තේ දුක දැනෙද්දී හිනා වෙන හැටි නුඹෙන් දැන ගත් දවසේ දරා ගනු බැරි ප්‍රේමයෙන්, උපන්නේ ස්නේහ වර්ශා

Song Details

Sinhala Title
පුත නුඹව හරහට වඩාගෙන
English Title
putha nubawa harahata
සල

Artist

සමන් ලෙනින්

View all songs →

පුත නුඹව හරහට වඩාගෙන (putha nubawa harahata) | Tediya Lyrics