හුදෙකලා විරාමයයි හරි නිසංසලයි

hudekala wiramayayi

Lyrics

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි පුංචි මුවැත්තියක් වගෙ ඔබ අහිංසකයි ළය තුරුලට තුරුළු වෙවී ආදරෙ කියයි ඒ ආදරේ ලබන්න පිනැති පෙම්වතා මමයි කවි මූමුණන රතු තොල් පෙති හරි හැගූම්බරයි ඒ තොල් පෙති සිප ගන්නට හිතට හරි බයයි. මල් පෙති වැනි සිනිදූ දෙතොල් රිදෙයිදො සැකයි එහෙම උනොත් ඔබ වැලපෙයි හිතට හරි දුකයි හුදෙකලා විරාමයයි..... දාස්පෙතියා මල් සුවඳ ට හිත ඉබෙ ඇදෙයි හිනැහෙන ඔබේ දෑස් අගට කදුළු බිදූ ගෙනෙයි හූරතලෙට කීව කතා ආදරේ ගෙනෙයි එතකොට මගෙ හුරතලීගෙ මුව සිනා පිරෙයි. හුදෙකලා විරාමයයි හරි නිසංසලයි...

Song Details

Sinhala Title
හුදෙකලා විරාමයයි හරි නිසංසලයි
English Title
hudekala wiramayayi
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි (hudekala wiramayayi) | Tediya Lyrics