නුඹ දැක මගෙ සිත බැදුනා කිසිදින

nuba daka mage sitha

Lyrics

නුඹ දැක මගෙ සිත බැදුනා කිසිදින නොසැලෙන ලෙස මුතු මැණිකේ නුඹත් හරි මට පනත් හරි කිසි වෙනසක් නෑ මගෙ මැණිකේ රජ සැප කුමටද උබ නැතිදා රජ බිසවකි මට නුඹ සොදිනා නවම් මහේ සුභ නැකත් බලා කරකාර බදින්නට සිතුනා කුසුමන් නෙලලා මල්කම් ගොතලා ඔබෙ හිස ගවසන්නම් රතු මල් ඉහිරුනු චීත්තයක්ගෙන බද වට දවටන්නම් බද නලවන් ලැසි ගමනට ඔබගේ කවි පද ලීවේ මං සුමුදුලියේ සුකුමලියේ කවි පද ලීවේ මං කුරහන් පැහිලා රන්වන් පාටින් සුලගේ ලෙලදෙනවා නුඹ කැන්දාගෙන එන දින ගැන ගැන හද විකසිත දෙනවා ඇල් හේනේ පොඩි පැලක් තනාලා නුඹ එහි සතපනවා මගේ පැලේ අග රැජිනියවී සිරිකත ගෙන දෙනවා.

Song Details

Sinhala Title
නුඹ දැක මගෙ සිත බැදුනා කිසිදින
English Title
nuba daka mage sitha
ලහ

Artist

ලක්ෂ්මන් හිල්ම්

View all songs →