අන්තිම සටනේ හුස්මට සමවී

anthima satane husamata

Lyrics

අන්තිම සටනේ හුස්මට සමවී විශ්මිත වු ගමනේ දස්කම් පානා සිංහ පුතුන්නේ වන්නියෙ මහ කැලයේ බලාපොරොත්තුව රටට ගෙනල්ලා අත දිග සීමාවේ උදා ඉරක් පායයි අභිමානෙන් ඔබයි රටට ජීවේ... ගිණියම් වැල්ලේ ලෙයින් ලියාවි උස් අරමුණක ඇති දුක්විද සිත් සේ නෑ පසු බැස්සේ මරගුලු වලට ගැටි යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිදී එකෙකු මැරෙද්දි දහස් පුතුන්නේ සේනා පෙරට ඇදේ.... අන්තිම සටනේ../ ගොඩබිම දියඹේ රටවට පවුරේ මුලු විසිහතර පැයේ නොනිදන දෙනෙතෙ එළියයි සුවසේ යුගයක් එළිය කලේ පළදින දවසේ ලක් මවගෙ හිසේ කිරුළක් අතින් ඔබේ කරනා සටනේ දහදිය රතු ලේ එළියයි හෙටත් රටේ... අන්තිම සටනේ.../

Song Details

Sinhala Title
අන්තිම සටනේ හුස්මට සමවී
English Title
anthima satane husamata

Artist

ෆ්ලෑෂ්බෑක්

View all songs →

අන්තිම සටනේ හුස්මට සමවී (anthima satane husamata) | Tediya Lyrics