Lyrics
සීතල සඳ එළියේ
පීදුණ සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන් ...//
සඳළුතලාවේ මුනින්තලාවී
ඈත බලාගෙන කඳුළු සලන්නී
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ ...//
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - හඩ්සන් සමරසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ
Song Details
- Sinhala Title
- සීතල සඳ එළියේ
- English Title
- seethala sanda eliye
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →