Lyrics
අත තියලා දිවුරන්න මගේ සොහොනට
මොහොතකටවත් ආදරේ කෙරුවද //
මගේ පාඩුවේ ඉන්න ඉඩදෙනවද
මා මතක නැති කරලා ඔබ යනවද
හිනහෙන්නේ අඩවන්න බැරි හිංදද
එන්නට එපා හොයාන මළ දාකට...
අත තියලා දිවුරන්න....//
කදුලැල් දරාගෙනම වෙන් වෙන්න නම්
ඇයි ආදරේ කෙරුවෙ මං මේ තරම්//
වචනෙන් කියාගන්න බැරි දේ හුගක්
හිත අස්සේ තව තියෙනවා.... මැරෙනකම්
අත තියලා දිවුරන්න ....//
හිනැහෙන්න මට නෑනේ ලැබිලා වරම්
ඉවසන්න සිදුවේවි මෙය දෛවෙනම්//
සංසාරේ කෙලවරට යනතෙක්ම මං
ඔබට තමයි ආදරේ රත්තරං
අත තියලා දිවුරන්න ... //
Song Details
- Sinhala Title
- අත තියලා දිවුරන්න මගේ සොහොනට
- English Title
- atha thiyala diwuranna
- Artist
- චානක වීරසිංහ
චව
Artist
චානක වීරසිංහ
View all songs →