පිතු සෙනෙහෙ පිදු පියකු

pithu senehe pidu

Lyrics

පිතු සෙනෙහෙ පිදු පියකු නොමැති ලොව දූ දරුවන් හිනහි ඇතිදෝ උන්ගේ සිත රැඳී තනිය මකන්නට මව්නට කවදා හැකි වේදෝ හිරු මඩලක් සේ කිරණ බෙදා දී නුග සෙවණක් සේ සිසිල බෙදා දී ජීවිතයේ බර උඩින් දරා පියවරුමයයි ලොව මහා සයුරක් වී පොළොව නිවාලන්නේ මෙත් මුදිතා ගුණ සිතෙහි මවා පෙරුම් පුරා එන සසර පුරා අම්මාවරු මතු බුදු වන්නේ පියවරුමයි ලොව බුදු වන මව්නට එය විවරණ දෙන්නේ

Song Details

Sinhala Title
පිතු සෙනෙහෙ පිදු පියකු
English Title
pithu senehe pidu
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

View all songs →

පිතු සෙනෙහෙ පිදු පියකු (pithu senehe pidu) | Tediya Lyrics