Lyrics
සිනාවකට වඩා ඔබේ
කඳුළු වලට මන් ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
කඳුළු වලට වඩා ඔබේ
සිනාවකට මන් ආසයි
මා වට කර නැගෙන සිනා නම්
සද එලියට වඩා සදේ
සද අදුරට මන් ආසයි
සද අදුරේ ඔබ හමු වේ නම්
සද අදුරට වඩා සදේ
සද එලියට මන් ආසයි
සද එලියේ ඔබ හමු වේ නම්
මහ මන්දිරයකට වඩා
ඔබේ පැලට මන් ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්
ජීවිතයම දුකක් උනත්
ජීවිතයට මන් ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්
සිනාවකට ........./
Song Details
- Sinhala Title
- සිනාවකට වඩා ඔබේ කඳුළු වලට
- English Title
- sinawakata wada obe kandulu
- Artist
- නෙළු අධිකාරී
නඅ
Artist
නෙළු අධිකාරී
View all songs →