කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා

kadulu hela nebiliyata

Lyrics

කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා සුසුම් හෙලා ගිනි දලු ගෙන ලිප මොලවන අම්මා වෙල්දෙනිවල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා ඉනිවැට ළඟ බලා හිඳී අපි එන තුරු අම්මා මව්කිරි බිදෙන් බිඳ දෙතොලට පොවාලා පෙව්කිරි බිදෙන් බිඳ ලෝකය නිවාලා සක්විති වෙයන් යැයි සිබ සිබ කියාලා අම්මාවරුන් දුක් වින්දා හඬාලා කදුලු හෙලා........... දරුවන් අනේ රජවන තුරු මග බැලුවා දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා දරු සෙනෙහසින් මුහුදත් කදුලක් කරවා බුදු වන පුතුන් හට ඇය ඉනිමන් තැනුවා ///

Song Details

Sinhala Title
කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
English Title
kadulu hela nebiliyata
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

View all songs →

කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා (kadulu hela nebiliyata) | Tediya Lyrics