අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන්

ahasa udin udu guwanin

Lyrics

අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන් දෑසේ කඳුළු මලක් මිසක් සිනහ මලක් නෑ ඕන පදම් එවන සල්ලි වීසි කරන තාත්තාට මිතුරු තුමෝ දුකට සැපට කිසි අඩුවක් නෑ ඉස්කෝලෙන් කට්ටි පනින පුංචි මල්ලි හදන්න බෑ කළ එළි වෙන පුංචි නංගි ගෙයි තනියෙන් තියන්න බෑ තාත්තාට කියන්න බෑ අම්මා ළඟ පාතක නෑ හැම මාසෙම එවන සල්ලි වලින් කඳුළු පිහින්න බෑ තාත්තා දැන් ගෙදර එන්නේ දවසට දෙකකට සැරයයි නෝක්කාඩු කතා මිසක් අපි ගැන කිසිවක් නොසොයයි අහන් ඉන්න කෙනෙක් සොයන සිතිවිලි දෙතොලේ නළියයි අම්මා ආවම ගෙයි ගිනි තිබුණට වැඩියෙන් ඇවිළෙයි අහස උඩින්....

Song Details

Sinhala Title
අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන්
English Title
ahasa udin udu guwanin
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →

අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන් (ahasa udin udu guwanin) | Tediya Lyrics