සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා

saradam widi karageta

Lyrics

සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ දන්නෙ නෑ කඳුළු අවතැන් වෙලා දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා රිදුනාම සනසන්න ලඟ උන් ඔයා නාඬන්න මට කදුළු හැඩ නෑ කියා තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කලා රැවටීම යන අරුත පහදා තියා ආදරයෙදී මඟදි හමුවෙයි කියා හිත ආයෙ මට දෙන්නෙ නැහැ මයි කියා තහනම් කළා ආදරේ මට ඔයා වෙනකාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා... රිදුනාම සනසන්න ලඟ... දුක දන්නෙ නැති හිතට පෙම් කල නිසා මට මාව නැති කරලා ඔබ දුර ගියා මා ගාව ආදරය මදි බව කියා රන්කාසි ඇති තැනක නැවතුනි ඔයා වෙනකාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා... සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ දන්නෙ නෑ කඳුළු අවතැන් වෙලා දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා රිදුනාම සනසන්න ලඟ උන් ඔයා නාඬන්න මට කදුළු හැඩ නෑ කියා තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කලා

Song Details

Sinhala Title
සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා
English Title
saradam widi karageta
නන

Artist

නදීර නෝනිස්

View all songs →