Lyrics
සම්මතේට පිටුපෑ අපේ ආදරේ
කදුලුවලට සීමා කළා ජීවිතේ
අමුතුවෙන් දෙයක් නෑ
අදත් මේ හිතේ
පළමුවත් නුබයි මගේ ජීවිතේ
දෙවනුවත් නුබයි මගේ ජීවිතේ
තෙවනුවත් නුබයි මගේ ජීවිතේ
වැලලී ගියත් කොහේ මා
මේ ලෝකයේ ඔබයි ජීවිතේ...
ගින්දරක් වෙලා පපුවේ නුබව දැවෙනවා
ගින්දරක් නුබේ ඒ ගිනි නුබම නිවනවා
එදා වාගෙමයි අදටත් දැහැමි මිදෙනවා
පන්ගුවක් හිතේ තාමත් නුබට තියෙනවා
ගිලිහී බෑ දෙනෙත් ඔබගේ මායිමේ
මතකෙන් වින්දා ඔබව මා
ජීවිතේ අරන් දෝතින් නුබට කැප කළා
නුබේ දෑත අරන් වාගේ ඈත ඔහු ගියා
කිසි දිනේ නුබේ අයිතිය නුබව මට කියා
හිතට වැට බදින්නත් බෑ
පෙමට තිත තියා
ගිලිහී බෑ දෙනෙත් ඔබගේ මායිමේ
මතකෙන් වින්දා ඔබව මා...
සම්මතේට පිටුපෑ අපේ ආදරේ...
Song Details
- Sinhala Title
- සම්මතේට පිටුපෑ අපේ ආදරේ
- English Title
- sammatheta pitu pe
- Artist
- ජූඩ් රොගන්ස්
ජර
Artist
ජූඩ් රොගන්ස්
View all songs →