Lyrics
සුවඳ මගේ තවම දැනෙනවද
ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද
තාමත් මට වෛර කරනවද
දැන්වත් මට සමාව දෙනවද
අරලිය මල් ගහ යට හැන්දෑවට
තවමත් ඔබ මඟ බලමින් ඉන්නවද
මා සිහිකර ඔබ තවමත් අඩනවද
පව් කල මට ඔබ සමාව දෙනවද
සුවඳ මගේ ...............
අවිහිංසක මල් කැකුලක් රිද්දලා
සංසාරෙම මම පව් පුරවා ගත්තා
ගඟක් තරම් නෙතු කදුළැලි උතුරනවා
සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා
සුවඳ මගේ ............
Song Details
- Sinhala Title
- සුවඳ මගේ තවම දැනෙනවද
- English Title
- suwada mage thawama
- Artist
- අජිත් මුතුකුමාරණ
අම
Artist
අජිත් මුතුකුමාරණ
View all songs →