Lyrics
පුංචි පුතු මගේ... හිනැහෙන්නේ මං වගේ
හැමදාම හැම දෙනාම කියනවා..
ලස්සනයි පුතේ.. ඔය රන් සිනා නුබේ
අම්මිටයි මටයි වාසනා..
මා ගිටාරය වයා.... ගීත ගයනවා බලන්
නටයි පුතු මගේ ලග ඉදන්//
පුංචි පා තබා අත් පොඩි සට පට ගාලා
ගසමින් මා පුතු හිනහෙනවා.....
පුංචි පුතු මගේ... හිනැහෙන්නේ මං වගේ
හැමදාම හැම දෙනාම කියනවා..//
ලස්සනයි පුතේ ..ඔය රන් සිනා නුබේ
අම්මිටයි මටයි වාසනා..
කාලය ගෙවිලා... පුංචි පුතු ලොකුවීලා..
සුන්දර වූ මතු අනාගතේ..//
අම්මිටයි මටයි රටටයි නොම බරක් වෙලා..
හොද මිනිහෙක් වෙන්න සුදු පුතේ...
පුංචි පුතු මගේ.... හිනැහෙන්නේ මං වගේ
හැමදාම හැම දෙනාම කියනවා..
ලස්සනයි පුතේ ..ඔය රන් සිනා නුබේ
අම්මිටයි මටයි වාසනා....
අම්මිටයි මටයි වාසනා....
Song Details
- Sinhala Title
- පුංචි පුතු මගේ හිනැහෙන්නේ මං වගේ
- English Title
- punchi puthu mage
- Artist
- කුමාරසිරි පතිරණ
කප
Artist
කුමාරසිරි පතිරණ
View all songs →