Lyrics
බිදී ගිය හීනයක් වාගේ හිත ඇහැරිලා
මගේ ලග උන්නු ඒ කාලේ පෙම ඇහැරිලා
පෙම් කෙරුව ඒ අතීතය අමතක වෙලා
මැරුනත් කමක් නෑ මගෙ හුස්ම හිරවෙලා
ඇහින් වැටෙනා කඳුලු මැද්දේ
පතන්නේ මා සතුට නුබගේ....
පෙම් කෙරුව ඒ මතක ටික කාලයයි
ඔබ නෑනෙ මේ හීනෙ මං තනියමයි
ඉස්සර වගේ හමුවෙලා
ඉන්නට හිතයි ලංවෙලා
ඔබ නෑ අද මගේ ලොකයෙන් දුර ගිහින්
තනිකඩයි තාම මං ඇත්තමයි
ඇහින් වැටෙනා කඳුලු මැද්දේ
පතන්නේ මා සතුට නුබගේ....
ලං වෙන්න වෙන හිතට මං හරි බයයි
ඔබ දුන්නු මේ ගින්න හිත අහුලුවයි
ආයෙත් වතා....වක් එපා
තනිකම සැපයි දුක එපා
ඔබ නෑ ආදරෙන් කල්පයක් දුර ගිහින්
තනිකඩයි තාම මං ඇත්තමයි
ඇහින් වැටෙනා කඳුලු මැද්දේ
පතන්නේ මා සතුට නුබගේ.......
Song Details
- Sinhala Title
- බිදී ගිය හීනයක් වාගේ හිත ඇහැරිලා
- English Title
- bidi giya heenayak wage
- Artist
- කැළුම් හෙට්ටිආරච්චි
කහ
Artist
කැළුම් හෙට්ටිආරච්චි
View all songs →