Lyrics
විරාග රාගය අතරේ තනිවූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය..
ඔබ අඩවන් නෙතු, කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව
අෑ මනසින් බිඳහලදා
ඈ මුකුලිත වූවා..
කරගනු ඈ සතු, නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ
මුනිවර මනසින් පෙම් කල දා
ඈ අසරණ වූවා...
විරාග රාගය අතරේ..........
නුරා එගිනි දළු, ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කරගත් දා
ඈ ලොව අහිමි වුනා..
ඔබේ මිලින ගති, ඇයට නොවේ රිසි
පෙමින් තොරව
ඇගේ දිවිය කතරක් වූදා
ඈ මා වෙත ආවා....
විරාග රාගය අතරේ............
Song Details
- Sinhala Title
- විරාග රාගය අතරේ තනිවූ ආලය
- English Title
- wiraga ragaya athare
අප
Artist
අමරසිරි පීරිස් / අමල් පෙරේරා
View all songs →