Lyrics
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් හිතින්
මේ භවයෙ පින් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබේ සතුට මතු මතුවටත්....
දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවි
එන්නට සිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ ළග මං නැතිවේවී....
පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා
මං හිතුවෙ මගෙ ලෝකෙ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් හොරෙන් වගේ ඔහුගේ වෙලා....
දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට සිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ ළග මං නැතිවේවී....
ලංවෙලා උන් දිනේ මට තිබුණු ආදරේ
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ
හඬන සිත හැමවෙල්‍රේ විමසන්නෙ ඔබේ මතකේ
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ....
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් හිතින්
මේ භවයෙ පිං මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබේ සතුට මතු මතුවටත්....
දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට සිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ ළග මං නැතිවේවී....
Song Details
- Sinhala Title
- මං වගේ පෙම් කෙරූ වෙන කවුරුත්
- English Title
- man wage pem keru
- Artist
- තුෂාර ජෝශප්
තජ
Artist
තුෂාර ජෝශප්
View all songs →