මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය

miriwadi nathuwata

Lyrics

මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය මට හැඩ හින්දයි මං පැතුවේ.. ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි එක පංතියෙ හිදිමින් හැඩුවේ... මිරිඟුව දැක්කද හිතන්න බැ මට සතුටින් අද නුඹ සරසවියේ... එදා වගේ මං ඉනි වැට අද්දර තාම බලනවා නැ දුටුවේ... අපිට හොරා ඇස් එකට බලා සතුටින් හිටියත් ඒ කාලේ... කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ බලන් හිටියා අපි හැම වාරේ... තිත්ත පැටව් දං කහට කොටන්නට රැනේ එන හැටි තරු වාගේ... අද මම තනියම දොල ඉවුරේ හැඩ දැන් නැ මුළු ගම්මානේ... මිරිවැඩි නැතුවට... සිදාදියට නොබියව පියමැන්නේ දකින්න නුඹෙ රුව මුවාවෙලා... වත්තෙ කෝවිලට රතු පටි මදි මට බාර බැදල නුඹ දෙන්න සොයා... නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං කුඩේ දැක්ක විට ඈත තියා... ලස්සන කුමරෙකු අතිනත අල්ලන් මම යන්නම් නුඹෙ සතුට නිසා... මිරිවැඩි නැතුවට...

Song Details

Sinhala Title
මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය
English Title
miriwadi nathuwata
චර

Artist

චාමර රණවක

View all songs →

මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය (miriwadi nathuwata) | Tediya Lyrics