Lyrics
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....
හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..
දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...
ගායනය - අප්සරා ද සිල්වා
සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
පද රචනය - චාරුක සුරවීර
Song Details
- Sinhala Title
- ඉවාන් පවුළුෂා
- English Title
- iwan pawulusha
- Artist
- අප්සරා ද සිල්වා
අද
Artist
අප්සරා ද සිල්වා
View all songs →