Lyrics
දිලිසි දිලිසි හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී ඔය බැල්මට වශී
හදවත පුරාම මෙ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටු දුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැගුමේ
රහසක් තියේ සුන්දර හිත යට මගෙ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර
ලස්සන හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරෙට තමයි මෙච්චර
දුටුවම නිලංකාර වුණ ඇස්දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තව කොහොමද
ගණංකාර කම් පෑවට
කෙල්ල මට උඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බඳිමුද අද හෙට ගෙළවට තැල්ල
ගස්සන ඉගසුග පද්දන
ඔය දාංගලෙ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන
Song Details
- Sinhala Title
- දිලිසි දිලිසි හඳ සේ සිනාසී
- English Title
- dilisi dilisi handa se sinasi
- Artist
- හර්ශාඩ් ඊබ්‍රහිම්
හඊ
Artist
හර්ශාඩ් ඊබ්‍රහිම්
View all songs →