සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින්

sihinaye pawela awith

Lyrics

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා.. මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා.. සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා.. ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා.. මිහිරාවියේ සිහින කුමරි.. මගෙ ආදරේ ඔබයි කුමරි.. මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ.. සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා.. ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා.. පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා.. සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා.. මිහිරාවියේ සිහින කුමරි.. සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ මිහිරාවියේ සිහින කුමරි..

Song Details

Sinhala Title
සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින්
English Title
sihinaye pawela awith
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →