Lyrics
මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විශ්ණු දේවනේ ......//
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ
මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විශ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ
නිලුපුල් වනින් අරා හිඳ රන්
ගුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය
රකින් දේවනේ ........//
වැඩ වසන දෙවිනුවර
දෙවොලෙහි සැතපආසනේ
සුරිඳුගේ නමට භාරයි
ජාතියේ ජීවනේ
මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විශ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ
සංසාර සාගරේ නෙක දුක්
විදින ලෝදනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින්
ශ්‍රී දහම් අමා.......//
කරුණාව සිත අරා දස පරමී
දම් පුරා
බුදු වන්න දෙවිඳුනේ
කෙලෙසුන් නසා ලොව්තුරා
මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විශ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ.......//
Song Details
- Sinhala Title
- මේ ලෝක තලේ සුරකින
- English Title
- me loka thale
- Artist
- මොහිදින් බෙග්
මබ
Artist
මොහිදින් බෙග්
View all songs →