Lyrics
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ...//
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ
ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ ...//
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ
ගායනය – මායා දමයන්ති පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
Song Details
- Sinhala Title
- පුර හඳ ලෙස ඔබ සමකළ
- English Title
- pura hada lesa oba
- Artist
- මායා දමයන්ති පෙරේරා
මද
Artist
මායා දමයන්ති පෙරේරා
View all songs →