Lyrics
ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නම්
සිදාදියේ කෝච්චි බස්වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නම් //
කරගැට ආවම ගිටාරෙ සද්දෙ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනවා පාඩු වෙන්නේ නෑ
ණයට ගන්න පහල කඩේ මාමා බනින් නෑ
පුතා එනව ලබන මාසේ දුකක් දෙන්නේ නෑ
පෝය ලගයි සිදාදියේ කොඩි ලෙල දෙනවා
කල්තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලෙ සින්දුවලට කාසි ලැබෙනවා
අම්මට මම තෝඩු දෙකක් අරගෙන එනවා
Song Details
- Sinhala Title
- ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නම්
- English Title
- game ayata notherenna
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →