වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා

wenna thiyena siyaluma dewal

Lyrics

වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා මගෙ දිවියට නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට නිකරුණේ දියවීලා යන මගෙ දිවියේ හොද හරිටම රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින..... පමා වී ආ වසන්තයක් ලෙස ඔබ ඇවිදින් මගේ ළගටම මේ තරම් ඉක්මනින් ඇයි නුඹ වෙන්ව ගියේ මටත් නොකියම යටි හිතේ හිත පතුලේ වැදිලා වද දිදී තව මතකය යලි උපන්නොත් මගේම වෙනවද සසර ඇති තුරා සදහට..... ඈත ඉදලා බලාන උන්නම අහසත් ගෑවෙයි පොළවට ලං වෙලා ලං වෙන්න යනකොට ඒකත් බොරුවක් හැම විට සදහට සමු නොගත්තත් ඔබ මේ ලොවේ අද තව ඇත මගේ ලෝකය පාළුයි අද කදුල විතරද උරුමය..... වෙන්න තියෙන සියලුම දේවල්.... රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින//

Song Details

Sinhala Title
වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා
English Title
wenna thiyena siyaluma dewal
දව

Artist

දිමංක වෙල්ලාලගේ

View all songs →