Lyrics
නැතිවුණ ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ...
සුදෝ මම ආදරෙයි
සුදෝ මම ආදරෙයි
සිතින් පලා ගිය එක් ආදරයක්
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
වෙත හදවත් දොර විවර කළා
සුදෝ මම ආදරෙයි
සුදෝ මම ආදරෙයි
ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දො
සුදෝ මම ආදරෙයි
සුදෝ මම ආදරෙයි
සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි
Song Details
- Sinhala Title
- නැතිවුණ ආදරයක් වෙනුවෙන්
- English Title
- nathiwuna adarayak wenuwen
- Artist
- සුජාතා අත්තනායක
සඅ
Artist
සුජාතා අත්තනායක
View all songs →