Lyrics
මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොළඟ රන්දාලා
උන් අප ආ ගිය මග වග තොට
මතක අගුළු හැර දාලා
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුණා
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගන’යුරු
මට කියා දී යන්න
උමතුව හඳ විලාප දෙන
හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න
Song Details
- Sinhala Title
- මන්දාරම් වැහිපොද හිරිකඩ
- English Title
- mandaram wahi poda hirikada
- Artist
- සෙන්ටිග්‍රේඩ්ස්
ස
Artist
සෙන්ටිග්‍රේඩ්ස්
View all songs →