ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා

lowe sema ekama deye

Lyrics

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැතී බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා සතුරුකමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා මනු දැයේ මිනිසුනේ වාදවී ලා  පල  නැතේ එක රෑනේ එක්වූ දා ලොව ලස්සන වන්නේ ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා වැටුනු කෙනෙකු හට නැගී සිටින්න ට අත දෙන්නට පැකිලෙන්න එපා ඔහුගේ රට ජාතිය ආගම කුල ගොත ගැන සොයන් එපා සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද මිලේ භේද මිලේ අලහිය උලහම් නාලෙයි  නල පිලවුම් ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා

Song Details

Sinhala Title
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
English Title
lowe sema ekama deye

Artist

ජිප්සීස්

View all songs →

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා (lowe sema ekama deye) | Tediya Lyrics