පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ

pemwathun wela hitiyath

Lyrics

පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ වෙන්වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ එක්වෙලා එකට සිටියත් සියොළඟම දැවේ ජිවිතය වින්දින්නට මිස විදවන්න නොවේ සුලග හමන්නෙ නැතිනම් සයුරේ රල පෙල නැගේද හිරු පායන්නේ නැතිනම් විලේ නෙලුම් මල් පිපෙද පවස නිවෙන්නේ නැතිනම් සයුර උනත් පලක් වේද සැබෑ ආදරේ නැතිනම් පෙම් සටනින් ජය ලැබේද මද පවනක් වූ ඔබ මට සුලි සුලගක් උනේ මන්ද දිය පහරක් වූ ඔබ මට රල පහරක් උනේ මන්ද මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් උනේ මන්ද සමුගන්නට නම් මේ ලෙස ඔබ මට පෙම් කලේ මන්ද

Song Details

Sinhala Title
පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ
English Title
pemwathun wela hitiyath
නව

Artist

නිශ්ශංක විජේරත්න

View all songs →

පෙම්වතුන් වෙලා හිටියත් පෙම් හිතින් නොවේ (pemwathun wela hitiyath) | Tediya Lyrics