Lyrics
ජීවත් වනදා දැක ගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ
කඳුළෙන් මව්පියෝ මිය ගිය දිනයේ
රන්මසු වැය කෙරුවෝ....
මහමග සුදු වැලි දෙපසේ සැරසිලි
අහසින් වස්වා මල් වරුසා
රිය පෙරහැරකින් සොහොන් බිමට යති
යුතුකම් ඉටු කළ වග පවසා....
මහගෙයි උරුමය හිතේ තියාගෙන
දරුවන් සොහොනින් ඉගිළිල්ලා
හත්දොහේ දානෙට නාවත් සේරම
උරුමය බෙදුවා එකතු වෙලා....
Song Details
- Sinhala Title
- ජීවත් වනදා දැක ගන්නටවත්
- English Title
- jiwath wanada daka gannatawath
- Artist
- වික්ටර් රත්නායක
වර
Artist
වික්ටර් රත්නායක
View all songs →