Lyrics
ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර
සල් මල් ලන්දට සඳ පායනවා
ඇසිපිය නොවැටෙන නෙත් යුග දැකදැක
සුදු සඳ රැස්වන් කතා වියනවා
සල් සල් සල් මල් ලන්දක මනකම්
ඇයි මෙතරම් සිත බැඳුනේ
මල් මල් තරු මල් අහුරක සැඟවී
සඳ කිදුරා නිදියන්නේ
කතරේ පින් බිම සොයමින් යනදා
නොසැලෙන චන්දා සවියේ
මිරිගුව දැක දැක දිය බිදු පතරින්
නාඩන් කින්නරාවියේ
තනිවුනු බිලිදුගෙ සිහිනය සැතපී
කිරිකඳුලක් වෙන්නම්
සරතැස නිවනා පවනක් විලසින්
යන මග සෙවනක් වී ඉන්නම්
පෙමක මිහිරි සුව කීවත් උඩුසිත
අරමුණ ඈතක බැඳුනා
යසෝදරාවකි නුඹ මට ලඳුනේ
සසර පුරා ළඟ හිඳිනා
Song Details
- Sinhala Title
- ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර
- English Title
- irabatu tharuwata igi bigi
- Artist
- අමරසිරි පීරිස්
අප
Artist
අමරසිරි පීරිස්
View all songs →