Lyrics
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැමබේදේ
සුගත තථාගත ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ සිරිපාදේ හා..හා..සිරිපාදේ
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බදු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි....කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
කරුණාවයි....කරුණාවයි...කරුණාවයි
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැමබේදේ
උපන්න දා සිට කල පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්
මුණි සිරි පතුල සොමී
කරුණාවයි....කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
Song Details
- Sinhala Title
- සකල සතම බොදු බැතියෙන්
- English Title
- sakala sathama bodu bathiyen
- Artist
- මොහිදීන් බෙග්
මබ
Artist
මොහිදීන් බෙග්
View all songs →