Lyrics
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා ....//
කොණ්ඩ කිරිල්ලියේ
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Song Details
- Sinhala Title
- කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්රේමවන්තයා
- English Title
- konda kirilliye
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →