Lyrics
වසන් වන සඳ වලාකුළකට
අඬාවැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ...
(හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)
මවාදී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා..වැටුණා...
සරා සඳකට දරාගන්නට බෑ...
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම්.. ඇසුණා...
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...
(හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ..//)
වසන් වන සඳ වලාකුළකට
අඬාවැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ...
Song Details
- Sinhala Title
- වසන් වන සඳ වලාකුළකට
- English Title
- wasan wana sanda
සද
Artist
සංඛ දිනෙත් / වික්ටර් රත්නායක
View all songs →