හිතු මනාපේ බැඳිලා

hithu manape badila

Lyrics

හිතු මනාපේ බැඳිලා පැරදුනේ මං එදා මා නෙත් මානයෙන් ඔබ වෙන් වුණා මැරුණු මාගේ හිතට ආයේ එන්න දැන්වත් සොයා... හුස්ම වැටෙනා මොහොත ගානේ මතක ඔබමයි සදා... සමු අරන් වෙන්වෙලා - ඔබ ගියත් රිදවලා.. ආයෙමත් එයි කියා - මං ඉන්නවා මග බලා......// පෙර අපේ මතක හංගා ඉන්න හිතුවත් ඔයා හිත මගේ එයට නෑනේ දෙන්නෙ ඉඩකුත් සොයා ගිය දිනේ ඔබට දැනුනේ නැද්ද මගෙ වේදනා ඔබ වගේ ඉන්න බෑනේ ආදරෙයි මං සදා.... සමු අරන් වෙන් වෙලා - ඔබ ගියත් රිදවලා... ආයෙමත් එයි කියා - මං ඉන්නවා මග බලා.........// දිලිඳු මේ හිතට ලං වී ආදරේ දුන් ඔයා හිතුමතේ සතුට හංගා දුකම මට ලං කලා වැරදි නෑ කෙරුවෙ මා නම් සත්තමයි පෙම් කලා වැටහිලා දිනෙක ආයේ නැවත යළි එයි ඔයා... හිතු මනාපේ බැඳිලා පැරදුනේ මං එදා මා නෙත් මානයෙන් ඔබ වෙන් වුණා මැරුණු මාගේ හිතට ආයේ එන්න දැන්වත් සොයා හුස්ම වැටෙනා මොහොත ගානේ මතක ඔබමයි සදා.. සමු අරන් වෙන් වෙලා - ඔබ ගියත් රිදවලා.... ආයෙමත් එයි කියා - මං ඉන්නවා මග බලා.......//

Song Details

Sinhala Title
හිතු මනාපේ බැඳිලා
English Title
hithu manape badila
එම

Artist

එරංග මධුශංක

View all songs →

හිතු මනාපේ බැඳිලා (hithu manape badila) | Tediya Lyrics