Lyrics
සිහින ගඟේ පිහිනා පිහිනා
කිමිදී රිදී දියේ
සිනිඳු ළවැලි අතරේ
සෙව්ව මැණික ඔබ ප්‍රියේ
සඳුගේ සිසිල පානා පානා
කරුණා දයා ගුණේ
ගිමන නිමන ගමනේ
සුවැති සෙවන හමු වුනේ
සුසුමේ කඳුලේ වදනේ බැල්මේ
තුසිතේ සැපත දැනේ
එලොවයි මෙලොවයි දෙලොවම එක් වී
දෙනෙතේ නිතර පෙනේ
මහදේ ගලනා... සෙනෙහේ ගඟුලේ...//
පෙම් රල වැල කැලතෙයි
ඔබගේ ලයේහි රිද්මේ දැනිලා
රන් හසඟන රඟතෙයි
සිහින ගඟේ පිහිනා පිහිනා..
සඳුගේ සිසිල පානා පානා..
මෝහන ජීවන වීනාවේ නිති
සත්සර නැගුනාවේ..
ඒ රස කාමය මා සතු ලෝකය
සිත් ලෙස පිරුනාවේ
අඳුරේ එලියේ...සැපතේ විපතේ...//
දිගට ම එක එල්ලේ..
පිය මැන එක ලෙස එක මගෙහි ම එමි
පණ ලෙස සෙවනැල්ලේ...
සිහින ගඟේ පිහිනා පිහිනා..
සඳුගේ සිසිල පානා පානා..
Song Details
- Sinhala Title
- ගිමන නිමන ගමනේ
- English Title
- gimana nimana gamane
- Artist
- දීපා දමයන්ති
දද
Artist
දීපා දමයන්ති
View all songs →