Lyrics
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි //
ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //
ගායනය - මිල්ටන් පෙරේරා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කරුණාරත්න අබේසේකර
Song Details
- Sinhala Title
- දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
- English Title
- dethun wathawak oba
- Artist
- මිල්ටන් පෙරේරා
මප
Artist
මිල්ටන් පෙරේරා
View all songs →