පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ

pem apsarawo

Lyrics

පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ ආදරේ සිතාරේ - ගුම් නඟාවි ජීවෙ හෝ හෝ හෝ හෝ // පෙම් අප්සරාවෝ........ සත්සරේ හඬින් පිරී - වදන් ඔබේ මත් කෙරේ සවන් මගේ - රසින් ඉබේ...// මහද අරණ සුවඳ කරන සුළඟ රැගෙන හනික එන්න පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ ආදරේ සිතාරේ - ගුම් නඟාවි ජීවෙ හෝ හෝ හෝ හෝ පෙම් අප්සරාවෝ........ රන් තරු නිධන් කෙරූ - දෑසෙ මං කල් බලා නිසල් සුවේ - වාස වෙම්...// රතී රඟන නිතඹ සලන සොඳුරු පියඹ රන් කිරිල්ලි පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ ආදරේ සිතාරේ - ගුම් නඟාවි ජීවෙ හෝ හෝ හෝ හෝ // පෙම් අප්සරාවෝ........

Song Details

Sinhala Title
පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ
English Title
pem apsarawo
චච

Artist

චලක චමුපති

View all songs →